Permesso di soggiorno per le vittime di violenza

0
73

ශාරීරික හා මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා ඉතාලියේ රැදී සිටීමට ලබා දිය හැකි අවසර පත්‍රය හෙවත් Permesso di soggiorno per le vittime di violenza යනු කුමක්ද?

මෙම රැදී සීටීමේ බලපත්‍රය ඉතාලි නීතිපද්ධතියට 2013 වර්ශයේ අංක 93 වන නීතිය විසින් හදුන්වා දුන් ඉතාලියේ රැදී සිටීමට අවසර ලබා දෙන්නාවූ විශේෂ අවසරපත්‍රයයි.

ඉතාලියේ අනවසරයෙන් රැදී සිටින විදේශිකයන් හට (පෙර්මේස්සෝ දි සොජෝර්නෝ නොමැතිව අනවසරයෙන් රැදී සිටින අය) ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි ඉඩකඩ පිළිබඳව අප කවුරුත් දන්නා කරැනක්.

තමන්ට යම් කිසි හිරිහැරයක්, ශාරීරිකව හෝ මානසික වධ හිංසාවක් සිදු වූව හොත්, කප්පම්, තර්ජන, ලිංගික අල්ලස්, ලිංගික අපයෝජනයන්, හෝ දූෂණයන් වලට ලක්වුවන් පවා තමන්ට මුහුණ පාන්නට සිදුවූ අපරාධයන් නීතිය ඉදිරියට ගෙන යාමට බියෙන් පසු වන ලාංකික පිරිසක් ඉතාලියේ නීත්‍යානුකුල නොවන ලාංකිකයන් අතරත් සිටින බව කිව යුතුයි.
ඉතාලි පොලීසිය වෙත පැමිනිලි කිරීමට යාම හේතුවෙන් තමන් හට ඉතාලියෙන් පිටවී යාමට සිදුවෙතැයි බියෙන් බොහෝ දෙනා මෙවැනි අපරාධ පැමිනිලි කිරීමට යොමු වන්නේ නෑ.

විශේෂයෙන් කණගාටුවට කාරනයක් වන්නේ බොහෝ විට මෙවැනි අය හිංසනයට ලක් වන්නේ ද ලාංකිකයන්ගෙන්ම වීමයි. තමන්ගේ පවුලේ අය, තමන්ගේ නෑදෑයන්, තමන්ගේ ම යහලුවන් මිතුරන්, සමාජ සේවයන් කරන්නා යැයි පෙන්වා, රැකියා සොයා දීමෙන්, ඉන්නට තැනක් වැනි දේ සොයා දෙමින්ද මෙවැනි අය අසරණ භාවයට පත් කිරීම සිදු කරන බව මා බොහෝ අවස්ථා වලදී දැක තිබෙනවා.

ඉහත සදහන් නීතිය යටතේ ඉතාලියේ අනවසරයෙන් රැදී සිටින අයෙක් නීතිය ඉදිරියට ගොස් තමන් හට සිදුවන හිංසනයන් පැමිණිලි කිරීමට බිය විය යුතු නැහැ.

ස්ත්‍රී හෝ පුරුෂ හිංසනයට එරෙහිව ඉතාලියේ පොලිසිය විසින් සිදු කරන්නාවූ විමර්ශනයන් හීදී යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුම් හෝ අධිකරණය විසින් විමර්ශනය කර එය තහවුරු වීමත් සමඟ එවැනි දේ කරන්නාවූ පුද්ගලයන් හට දඩුවම් ලබා දිය හැකි.

ඉහත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට හෝ ප්‍රචණ්ඩත්වය පැමිණිලි කරන්නාවූ පුද්ගලයන් හට ඉතාලියේ ජීවත් වීමට නීත්‍යානුකූල රැදී සිටීමේ බලපත්‍රයක් ඉල්ලුම් කළ හැකියි.

ඉහත විස්තර කර ඇති නීතිය යටතේ, මිනිසුන් වහල්භාවය හා මිනිස් ජාවාරම් වැනි බරපතල අපරාධ වලට එරෙහිව
කායික, ලිංගික, මානසික හෝ ආර්ථික ප්‍රචණ්ඩත්වන් හේතුවෙන් පීඩාවට ලක්වන අනවසරයෙන් රැදී සිටින සංක්‍රමිකයන් වෙනුවෙන් මෙවැනි නීතින් සම්පාදනය වී ඇති බව ඔබ සියලු දෙනා දැන සිටීම ඉතාම වැදගත් කරුනක්.

මෙවැනි හිංසනයන්වලට වැරදිකරැවන් වන විදේශිකයන් ඉතාලියෙන් නෙරපා හැරීමද ඔවුන්ගේ ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රයද අධිකරණය හට අවලංගු කළ හැකිය.

තවද මෙවැනි යම්කිසි වූ හිංසනයකට ගොදුරු වුන පුද්ගලයකුට ඉහත සදහන් කල නීතිය Il DL 14 agosto 2013 n. 93 (convertito con la Legge n. 119 del 15 ottobre 2013) යටතේ රැදී සිට්මේ බලපත්‍රයක් ඉල්ලා සිටිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here