ඉතාලියේදී ණයකරැවකු වීම

0
26

ගෙවල් කුලි ණය, බැංකු ණය, බිල් (විදුලිය, වතුර, ගෑස්, ⁣දුරකතන බිල්) පෞද්ගලික ණය සහ අනෙකුත් සියලුම ණය නොගෙවා සිටීම හේතුවෙන් ගැටලු රාශියකට මුහුන පාන්නට බොහෝ දෙනාට සිදු වනවා.

කෙසේ වෙතත්, ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් හටද, විවිධ හේතුන් මත, ණය කරැවන් බවට පත්වීමට සිදු වුවහොත් ණයහිමියන් හට කුමක් සිදු කල හැකි ද?

පලමුව ණයහිමියා වාචිකවද, පසුව නීති මාර්ගයෙන්ද තමන්ගේ මුදල් ගෙවීම පිලිබද විමසීමට පටන් ගනි.

අසාර්ථක ප්‍රයත්නයන් කිහිපයකින් පසුව, ණය හිමියා අධිකරණය හරහා තමන්ගේ මුදල් ලබා ගැනීමට තීරණය කරයි.

කොල පාට කවරයක දමා එවන්නාවූ මෙම අධිකරණ නියෝගය ඇතැම් විට අවතක්සේරුවට ලක් කරන්නාවූ ණයකරැවන් මෙම ගැටලුවට පිලියම් සොයනවා වෙනුවට බොහෝ දෙනාගේ වැරදි මතයන් වන “මොකුත් වෙන්නේ නෑ, සද්ද නැතුව ඉන්න, ලියුම් ගන්න එපා” වැනි වැරදි උපදෙස් අනුගමනය කරන්නට පෙලබෙයි.

මෙය සෑම පුද්ගලයෙකුටම අදාල නොවන බව හොදින් තේරැම් ගැනීම ඉතාම වැදගත්.

තමන්ගේ පසුබිම හොදින් අධ්‍යණය කිරීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීම අවදානමක් විය හැකියි.

තමන්ගේ නමට දේපල (නිවසක්, ඉඩකඩම්, වතුපිටි, යාන වාහන, නීත්‍යානුකූල රැකියාවක් Contratto di lavoro, බැංකු ගිනුමක්) නොමැතිව ඉතාලියේ ජීවත් වන්නාවූ පුද්ගලයෙකු (nulla tenente) හට පමනක් මෙය අදාල දෙයක්.

නමුත් තමන්ගේ නමට ඉහත සදහන් දෑ තිබෙනවා නම් වහාම සුදුසු පිලියම සොයා ගැනීම ඉතාම වැදගත්.

එසේ නොවුවහොත් බොහෝ විට ⁣විශාල පොලියක්ද, නඩු ගාස්තුද
සමග මෙම ණය දෙගුනයකින් වැඩි වී තමන්ගේ මාසික පඩියෙන් 1/5ක් (Ferie, TFR) වශ⁣යෙන්, හෝ තමන්ගේ බැංකු ගිනුම්, විශ්රාම වැටුප 1/5ක්, හෝ වෙනත් වත්කම්, ණයහිමියාට ලබා දීමට උසාවිය තීන්දු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here